ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරියන් සැම පිළිපැදිය යුතු බාහිර පෙනුම හා නිල ඇඳුම.
පිරිමි දරුවන්
කොණ්ඩය
කොණ්ඩය කොටට කපා එක් පැත්තකට පීරා තිබිය යුතු ඉදිරිපස කොණ්ඩෙ තම ඇහිබැම නොගෑවෙන පමණට නළලේ හරි මැද දක්වා පමණක් දිගින් විය යුතුය පිටුපස තම කමිස කොලරය හා නොගෑවෙන ලෙසට පමණක් දිගින් විය යුතු අතර දෙකණ්වල නොගෑවිය යුතුය කණ ඉදිරිපස කොටස තම කණේ හරි මැද පෙනෙන ගැටිත්ත ආරම්භ වන ස්ථානය දක්වා පමණක් දිගින් විය යුතු අතර එහි කෙළවර කොටු හැඩයට කැපිය යුතුය කොන්ඩය උඩට පීරන්නේ නම් නළලේ සිට එහි උස අඟල් 3/4 ට වඩා නොවැඩි විය යුතුය ආලේප කරන තෙල් වර්ගයක් හෝ පොල් තෙල් හැර ජෙල් වැනි කිසිදු ආලේප වර්ගයක් නොයෙදිය යුතුය හිස වටේට වන කොටස හිසෙහි සම පෙනෙන ලෙසට තීරුවක් ලෙස වටේට කොට නොකළ යුතුය.
සපත්තු
ඔප දමන වර්ගයේ පොලිෂ් කළු සපත්තු පමණකි එහි වෙනත් කිසිදු වර්ණයක උපාංග තිබිය නොහැකිය යටිපතුල ද ඇතුළුව සම්පූර්ණ සපත්තු ම කළු පැහැති විය යුතු ඉදිරි හැඩය උල් හැඩය නොව u හැඩය විය යුතුය තම මහපට ඇඟිල්ලට වඩා අඟල් 1/2 ඉදිරියට දිග ඇති සපත්තු පමණෙකි සපත්තු සඳහා පළඳින මේස් සුදු පැහැති විය යුතුය සපත්තු නොපළඳින ඕනෑම අවස්ථාවක කළු රබර් සෙරෙප්පු පමණක් ම පැළදිය හැකි ය සෙරෙප්පුව දැමීමට ඉඩ ලැබෙන්නේ විශේෂ කරුණක් යටතේ පමණි.
ආභරණ
ඔරලෝසුවක් විභාග කාල සීමාවක පමණක් ලඟ තබාගත හැක ඒ හැර වෙනත් කිසිදු ආභරණ පැළැඳිය නොහැක.
නියපොතු
කිසිදු ලෙසකට නියපොතු වැවිය නොහැක තම නිය පොත්තේ ස්වභාවික පැහැයට වෙනස්ව ඉදිරියට වැවී ඇති කොටස නියපොතු වැවිම ලෙසින් අදහස් කෙරේ කොටට කපා තිබිය යුතුය පාට කළ නොහැක.
කමිසය
හයවන වසරේ සිට නව වන වසර දක්වා කොට කලිසම ද සහ දහවන වසරේ සිට දහතුන වසර දක්වා දිග කලිසම ද වන්නේය තනිපට මැස්මෙන් පමණක් මසා තිබිය යුතුය පිටුපස දකුණු පැත්තේ පමණක් හිප් වර්ගයේ සාක්කු එකක් පමණක් තිබිය යුතුය එය පිටට නොව ඇතුළට මසා තිබිය යුතුය දෙපසට ස්ලාන්ට් වර්ගයේ සාක්කූ 2කි ඩෙනිම් බොත්තන්/සිප්/බැජ් ඇල්ලීම නොකළ යුතුයි පෝල්ට් එකෙහි වටරවුම 16 තබා තැබිය යුතුය ඉනේ ප්‍රමාණය තම නිහිය දක්වා එස වූ පසුව ඒ ප්‍රමාණයෙන්ම රැඳී පවතින ලෙසට විය යුතුය සිප් එක සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ශරීරයට තදව නොපෙනිය යුතුය 6 7 8 9 ශ්‍රේණිවල දරුවන් දණහිස දක්වා දිග ඇතිව කලිසම මැසිය යුතුය
රැවුල
රැවුල කපන ළමයෙකු නම් මුහුණේ කිසිදු ස්ථානයක රැවුල නොමැතිව වන ලෙස දිනපතා රැවුල කපා පාසලට පැමිණිය යුතුය කණිෂ්ඨ අංශයේ සිසුවෙකු වුවද රැවුල කැපී පෙනෙන මට්ටමක වැවී තිබේ නම් රැවුල කැපීම ආරම්භ කළ යුතුය කිසිදු රැවුල් මෝස්තරයක් භාවිත කිරීම අවසර නැත.
ගැහැනු දරුවන්
කොණ්ඩය
කොණ්ඩය වවා කරල් දෙකක් වන ලෙසට ගොතා එහි අග දෙකට නමා කළු පැහැති රිබන් එකකින් බැඳිය යුතුය කොණ්ඩය කපා ඇත්නම් කොලරයේ නොගෑවෙන ලෙස ට කොට කර කොණ්ඩ කටු ගසා සිර කර තිබිය යුතුය විවිධ වර්ණ කොන්ඩකටු පැළඳිය කිසිදු ලෙසකට මුහුණට කොණ්ඩය වැටිය නොහැක ගෙතීමකින් තොරව දෙපසට කුඩා කුඩා කොණ්ඩයක් බඳින්නේ නම් කණට ඉහළින් බැදිය නොහැක.
සපත්තු
සුදු සපත්තුව පමණි සුදු මේස් පමණි අඟල් 4ක පමණ ට උසට මේස් පැළඳිය යුතුය සපත්තු නොමැතිව අවස්ථාවකදී කිසිදු විටෙක විවිධ වර්ණවල අඩි උස සෙරෙප්පු පැලඳිය නොහැක කළු පැහැති කළු පැහැති රබර් සෙරෙප්පු පමණක් පැලඳිය හැකිය එම අවස්ථාව විශේෂිත කරුණක් මත පමණක් ලබන්නෙකි නිතර සෙරෙප්පු පැලඳිය නොහැක.
නියපොතු
කිසිදු ලෙසකට නියපොතු වැවිය නොහැක ස්වභාවික නියපොතු වර්ණයට ඉදිරියේ පෙනෙන වෙනත් වර්ණයේ නියපොත්ත නියපොතු වැවීම ලෙසට සැලකේ හැඩ දැමීම විවිධ වර්ණ යොදා ඔප දැමීම රූප ඇඳීම සපුරා තහනම් වේ.
ආභරණ
කරාබු යුගල හැර වෙනත් කිසිදු ආභරණයක් පැළදිය නොහැක( මාල, මුදු ,වළලු, බ්‍රේස්ලට් ,නුල්...) රන් පැහැති කරාබු යුගලක් පමණක් පැළඳිය හැකි අතර විවිධ වර්ණවල කරාබු විවිධ වර්ණ ගල් අල්ලා ඇති කරාබු පැළදිය නොහැක පොට තුනකින් යුතු සුදු පාට පිරිත් නූලක් අවශ්‍ය නම් බැඳිය හැකිය අපල වෙනුවෙන් යම් ආභරණයක් පළඳින්නේ දෙමාපියන් පැමිණ ඒ පිළිබඳව දැනුවත් කළ යුතු අතර ළමයා සතුව ඒ සඳහා අවසර ලබා ගත් ලිපියක් හැමවිටම තිබිය යුතුය ඔරලෝසුවක් තබා ගන්නේ නම් කළු පටිය සහිත ලුමිනස් වර්ණ නොවූ ඔරලෝසුවක් තබාගත හැකිය එය විභාග අවස්ථාව සදහා පමණි.
ගවුම
අවුට් ලයින් මැෂිමම් නැත ඉදිරියට සහ පසුපසට රැලි පහක් බැගින් රැළි දහයක් තිබිය යුතු අවම දණහිසේ පහළ කෙරවල දක්වා දිගින් පැවතිය යුතුය එක් පැති සාක්කු තිබිය යුතු අතර එහි ඉහළ දකුණු කෙළවරේ පාසල් නිල ලාංඡන මසා තිබිය යුතු ය උචිත ලෙසට කොලරය තබා තිබිය යුතු අතර ගවුමේ ඉදිරි පස ඉහළ විවරය අඟල් හයක් පමණ පහළට තබා තද කරන බොත්තම් දෙකක් අල්ලා තිබිය යුතු බව මේ ඉන්න ශිෂ්‍යයාගේ හා වැළමිට ලඟට තබා තිබිය යුතු අතර අඟල් දෙකක් පහලට ඉන පටියක් එම ස්ථානයෙන් තදට බැඳ තිබිය යුතුය ගවුමේ හැට්ටය කොටස ඇඟට තද නොවන ලෙසට මසා තිබිය යුතු ය.
රෝම බැම
කිසිදු ලෙසකට මුහුණ ඇහිබැම දෙඅත දෙකකුල් තුළ ඇති රෝම ඉවත් කිරීමක් නොකළ යුතු අතර එසේ කර ඇත්තේ නම් ඒවා නැවත වැවෙන තුරු පාසලට භාර නොගැනේ.
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ නිල ඇඳුම