විදුහල්පති පණිවිඩය
කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ර/ඇඹි/ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය ගොඩකවෙල ප්‍රදේශයට පමණක් සීමා නොවී අවට ප්‍රදේශයන්හි දරු දැරියන්ගේ ද ඉගෙනුම් අවස්තා සපුරාලමින් සිටී.
1967.02.17 දින රජයේ පාසලක් ලෙසින් ආරම්භ වී අසූව දශකයේ දී මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වූ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය පාසල් වර්ගීකරණය යටතේ 1 ඊ පාසල් වර්ගයට අයත් වෙමින් වර්තමානය වන විට 6-13 ශ්‍රේණි සමගින් දරු දැරියන් 1724 ක පිරිසක් සමඟ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර තලය තුළද කීර්ති නාමයක් උසුලයිග 6-11 ශ්‍රේණීන් අතර ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන අතර උසස්පෙළ විෂය ධාරාවන් යටතේ විද්‍යා ගණිතල තාක්ෂණවේදයල වානිජ හා කලා අංශ ලෙසින් ප්‍රදේශයේ දරු දැරියන්ගේ උසස්පෙළ අධ්‍යාපන කටයුතු සම්පාදනය කර ඇත.
කුලත්න මධ්‍ය මහා විද්‍යාලය කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයීය දරු දැරියන් සතු ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවමින් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට ද සෞන්දර්ය විෂය ධාරාව හරහා පෙරපර දෙදිග සංගීත විෂය හැදෑරීමේ පහසුකම් සැපයීමටද අප විද්‍යාලය සමත් වී ඇතග වර්තමානය වන විට නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ “ස්මාර්ට් පන්ති කාමර“ ගොඩනැගීමත් සමග දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂම වී ඇති අතර ඉහත පහසුකම් හරහා ර/ඇඹි/ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයල අගපොගසග සාමාන්‍ය පෙළ මෙන්ම අගපොගසග උසස් පෙළ විභාග ප්‍රතිඵල අතින් ඇඹිලිපිටිය කලාපය තුළ වඩාත් ඉදිරියෙන් සිටීග
විශය බාහිර ක්‍රියාකාරකම් අතරින් ශිෂ්‍ය භට ඒකකයක් ද බාල දක්ෂ ඒකකයක් මෙන්ම චෙස් කැරම් ආදී ක්‍රීඩා අවස්තාද දරු දැරියන්ට සලසා ඇති අතර පරිසරබට කණ්ඩායම් ආදී ක්‍රියාකාරකම් හරහා දැකුම් කළු පාසල් පරිසරයක් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් හා සමඟ සම මට්ටමේ පවතීග
ශක්තිමත් ආදිශිෂ්‍ය සංගමයක් සමගින් පාසලට දක්වන සහයෝගය අතර විද්‍යාලයීය දූ දරුවන්ගේ ගමනාගමන අවශ්‍යතා සපුරාලීම උදෙසා නවීන පන්නයේ බස් රථයක්ද “සෙනෙහසේ අත්වැල“ වැඩසටහන යටතේ විද්‍යාලයීය දූ දරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීමට ද පාසල් ප්‍රජාව සමඟ අත්වැල් බැද සිටින බව නොරහසකිග නුදුරු අනාගතයේ දී සිරිලක පළමු පෙළ පාසල් අතරින් කැපීපෙනෙන පාසලක් ලෙස කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය රන් අකුරින් ලියැවෙනු නොඅනුමානය.
විදුහල්පති කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය.