
" පාට පාට "
2022/12/03 සවස 5 ට ජාතික රූපවාහිනියේ පාට පාට ළමා වැඩසටහන සඳහා විශේෂාංග ඉදිරිපත් කලේ ර/ඇඹි/ කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයීය සිසු සිසුවියන් විසින් ය.මේ සඳහා පාසලේ සංගීත අංශය,නාට්‍ය අංශය සහ නර්තන අංශය මගින් විශේෂාංග ඉදිරිපත් කරනු ලැබීය.
☀සංගීත අංශය ඉදිරිපත් කළ විශේෂාංග
මල්කිනිති,පියුම් මාමා,තුෂර පොද යන ගීත ඉදිරිපත් විය.
🔴මල්කිනිති ගීතය පදරචනය - සංගීත ආචාර්‍ය විශාරද සාගරිකා නිරෝෂා ජයවික්‍රම ගුරු මහත්මිය
🔴පියුම් මාමා ගීතය පදරචනය -
ආචාරිනි නදීකා ජීවනි ගුණරත්න ගුරු මහත්මිය
🔴තුෂර පොද ගීතය පදරචනය -
ආචාරිනි අනුලා ජයසිංහ ගුරු මහත්මිය
🔴සියලු ගීත තනු නිර්මාණය සහ පුහුණුවීම් කටයුතු සංගීත ආචාර්‍ය ලාල් අමරනාත් වර්ණකුල මහතාය.
පුහුණුවීම් කටයුතු සඳහා සංගීත අංශයේ සංගීත ආචාර්‍ය ශාන් රූපසිංහ මහතාද විශාරද සාගරිකා නිරෝෂා ජයවික්‍රම ගුරු මහත්මියද ඇපකැපවිය.
🔴තබ්ලා වාදනයෙන් සහය වූයේ සංගීත ආචාර්‍ය අශෝක ජයසිංහ මහතාය.

☀නර්තන අංශය
නර්තනය සඳහා පුහුණුවීම් කටයුතු සිදුකරන ලද්දේ නර්තන ආචාරිනි චතුරිකා ද අල්විස් ගුරු මහත්මිය ,නර්තන ආචාරිනි එරන්දි කුමාරි ගුරු මහත්මිය සහ නර්තන ආචාර්‍ය දිනේශ් ප්‍රියංකර ගුරු මහත්මාය.
නාට්‍ය අංශය
ගීතයක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කල අතර පුහුණුවීම් කටයුතු සිදු කලේ නාට්‍ය ආචාරිනි රුවනි නිශාන්ති ගුරු මහත්මිය සමඟ නාට්‍ය ආචාරිනි ශ්‍රියානි මල්ලිකා ගුරු මහත්මිය ය.
මේ අවස්තාව සඳහා විද්‍යාලය නියෝජනය කරමින් දරුවන් සමඟ ආචාර්‍ය් මණ්ඩලයේ ඉංගීසී විෂ්‍ය ආචාරිනියන් වන කුසුම් පුවක්පිටිය ගුරු මහත්මිය මාලිගා වීරසිංහ ගුරු මහත්මිය වත්සලා ගුරු මහත්මිය සහ මංජුල වික්‍රමසිංහ ගුරු මහතාත් නිල්මිණි වීරරත්න ගුරු මහත්මියත් සම්බන්ධ විය.
මේ සඳහා අවස්ථාව ලබා දුන් සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කල ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් කිංස්ලි විජේවර්ධන මහතාටත් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ටත් විශේෂ ස්තූතිය පල කල යුතුය.එසේම නන් අයුරින් සහය වූ විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිනියටද සහකාර විදුහල්පතිවරු සහ සහකාර විදුහල්පතිනියටද විද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලයටද විශේෂ ස්තූතිය පල කල යුතුමය.
එසේම ජාතික රූපවාහිනි ආයතනයේ පාට පාට වැඩසටහන් නිෂ්පාදක සුරනිමල මහතාටත් විශේෂයෙන්ම සහයෝගය ලබා දුන් ප්‍රවෘත්ති නිවේදක අසංග නිලංගරත්න නිවේදක තුමන්ටත් ජාතික රූපවාහිනි කාර්‍ය මණ්ඩලයටත් , ජාතික රූපවාහිනි ආයතනයේ වැඩසටහන් බාර කාර්‍ය මණ්ඩලයට සහ ජාතික රූපවාහිනි ආයතනයටත් මෙවැනි අගනා අවස්ථාවක් විද්‍යාලයීය සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දීම පිළිබඳව විශේෂ ස්තූතිය පළ කල යුතුමය.
තවද වදනකින් හෝ දිරි ගැන්වූ සියලු ගුරු මා පියවරුන්ටද විශේෂ ස්තූතිය පල කල යුතුය.මේ අවස්තාව සඳහා සම්බන්ධ වූ සියලු දරු දැරියන්ට ඔවුන්ගේ කුසලතා තව තවත් දියුණු වීමට සහ පාසල් මාතාවගේ කිතු ගොස පතුරන්නට හෘදයාන්ගම සුභාශිංශන මෙසේ එක් කරමු.