
55වසරක කුලරත්න මැදි විදුහල් ඉතිහාසයේ ප්‍රථම වරට සබරගමු පළාත් පාසල් ක්‍රීඩා උළලේ සමස්ත මලල ක්‍රීඩා බාලක ශූරතාවය සහ 20න් පහල මලල ක්‍රීඩා බාලක ශුරතාවය යන ශූරතාවයන් ද්විත්වය මෙවර ඇඹිලිපිටිය කලාපයේ ගොඩකවෙල කොට්ඨාශයේ ර/ඇඹි කුලරත්න විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී ..

අප විද්‍යාලය හා ඇඹිලිපිටිය කලාපය සබරගමුවේ රනින් සනිටුහන් කරමින් ජයග්‍රහණය ලැබු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හටත් ඔවුන්ගේ පුහුණුකරුවන් වූ තිරෝන් ඉන්දික ගුරු පියාණන්ට , නිමල් මධුසිංහ ගුරුපියාණන්ට, චාමින්ද ප්‍රසාද් ගුරු පියාණන්ට හා තිලිණි පියුමිකා ගුරු මෑණියන් හටත්
නිරන්තරයෙන්ම කුලරත්න මැදි විදුහල් ක්‍රීඩා අංශයට ශක්තියක් වූ ඇඹිළිපිටිය කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ රොෂාන් වෙදගේ මහතා හා ගොඩකවෙල කොට්ඨාශ ක්‍රීඩා අධ්‍යක්ෂ නිමල් කරුණාතිලක මහතා හටත් විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයේ ගුරුමෑණිවරුන් හා පියවරුන්ටත් උණුසුම් සුබ පැතුම්.....💐💐💐💐